Wednesday, April 25, 2018

Gmail දැන් ගොඩක් වෙනස් වෙලා



Gmail  දැන් ගොඩක්  වෙනස් වෙලා


ගොඩක් දෙනා  භාවිතා කරන gmail  අඩවිය වසර කිහිපයකට පසු gmail  නව මුහුණත අද දින එනම් ර්ෂ 2018 අප්‍රේල් මස විසිපස් වැනි දින එළිදැක්වුවා. පසුගිය කාලේ සිදුකරනු ලැබූ අත්හදාබැලීම් හා නව තාවයන් යුක්ත gmail අඩවිය ඔබට දක්නට පුළුවන්.

Gmail විසින් සිදු කරන්නට යන නවතාවයන් පිළිබඳව පසුගිය සති කිහිපයේ  අන්තර්ජාලය තුල කතිකාවතක් ඇතිවී තිබුණා. නමුත් එහිදී කතාවට ලක් නොවුන සමහරක් නවතාවයන් අද දින ඔවුන් විසින් එළිදක්වනු ලැබුවා.
 මේ අතරින් සුවිශේෂී නවතාවයක් ලෙස මෙතෙක්  google වෙනත් app මෘදුකාංග වශයෙන් තිබුණ
google කැලැන්ඩරය,  හා tasks මෘදුකාංග gmail  අතුරු මුහුණතේ ලබාදීම තුළින් වඩාත් ඵලදායි  ලෙස එම මෘදුකාංග භාවිත පහසුව ලැබෙනු ඇත.

gmail හි ඔබට inbox තුළ දක්නට ලැබෙන  email තුළට නොගොස් ඒ මත (hover) සිට  එම ඊ මේලය ගබඩා කිරීමට (archive), මැකීමට  , කියවූ බවට සලකුණු කිරීමට හෝ emailය පිළිබඳව මතක් කිරීමේ පහසුව(snooze)  ලබාදීම සුවිශේෂීකොට සැලකිය හැක. මතක් කිරීමේ අංගය gmail හි නවතාවයක් ලෙස සලකන්නට පුළුවන්.


ඒ වගේම google  කෘතිම බුද්ධිය ( artificial intelligence)  භාවිත කරමින් email සඳහා පිළිතුරු ( reply) ලබාදීම වඩා පහසු  කරමින් එම ඊ මේලයට ගැලපෙන ඔබට යෝජනා කරන තාක්ෂණය හදුන්වා දී තිබෙනවා. මෙය ස්මාර්ට් දුරකථන සඳහා මෙයට පෙර හඳුන්වා දී තිබුණා.

gmail හි තවත් නව තාවයක් ලෙස ඔබ විසින් යවනු ලබන email පණිවුඩය ආරක්ෂිතව තහවුරු කිරීම සඳහා හා රහස්‍යභාවය    ආරක්ෂා කිරීම සඳහා හඳුන්වා දී තිබෙන නව තාක්ෂණය වන්නේ email පණිවිඩය යවන්න විසින් confidential රහස්‍ය පණිවිඩයක් ලෙසින් හඳුන්වා දීමෙන් අනතුරුව එම ඊමේල් පණිවුඩය ලබන්නාට එය වෙන කෙනෙකු වෙත යැවීමට,  forward කිරීමට, පිටපතක් ලබාගැනීමට, කොපි කර ගැනිමට තිබෙන ඉඩකඩ වළක්වනවා. එම පණිවිඩයේ රහස්බව රැකීම සිදු වෙනවා. තවද මෙම රහස්‍ය බව රැකීම වර්ධනය කිරීමට ද්විත්ව ආරක්ෂණ වැඩපිළිවෙලක් සකසා තිබෙනවා. එනම්  ලබන්නා වෙත එස් එම් එස්, කෙටි පෙනෙන දෙයක් ලෙස ලැබෙන කේතාංකය නොමැතිව ඊමේල් පණිවිඩය වෙත පිවිසීමේ හැකියාව වළකනවා.

ඒ වගේම ඔබ වෙත ලැබෙන හැඟවීම (notifications)     හඳුනාගනිමින් එහි ්‍රමුඛතාවය මත ඔබ වෙත දැනුම්දීම තාක්ෂණය හඳුන්වා දී තිබෙනවා.

තවත් විශේෂ ලක්ෂණයක් ලෙසින් Gmail පද්ධතිය  තුල දින 90 කාලය තුළ සියලු ඊ-මේල් පණිවුඩයක් අන්තර්ජාලයෙන් තොරව පරිහරණය කිරීම සඳහා අවස්ථාව ලබාදීම ඉදිරි සතිය  තුළදී නිකුත් කරන බව දැනුම්දී තිබෙනවා.


මෙතරම් වටිනා තාක්ෂණය නොමිලේ ලබා ගැනීම  google අඩවිය බලාපොරොත්තු වෙන්නේ කුමක්දැයි  යන්න පිළිබඳ ඔබේ අදහස පහත දක්වනමෙන් ඉල්ලනවා.


No comments:

Post a Comment