Wednesday, April 25, 2018

සෙවුම් පිළිතුරු මිලියන 2.4ක මැකීමට ගූගල් වෙත ඉල්ලීම්

සෙවුම් පිළිතුරු  මිලියන 2.4ක මැකීමට ගූගල් වෙත ඉල්ලීම් 

යුරෝපයේ සම්මත වූ අමතක කිරීමේ අයිතිය ( Europe’s “right to be forgotten” (RTBF) rules) යටතේ ගූගල් සෙවීම් පිළිතුරු මිලියන 2.4කට අධික සංඛ්‍යාවක් මැකීම සදහා ඉල්ලුම් කර ඇතිබව සදහන් වෙයි. 2014 දී යුරෝපියානු අධිකරණය අමතක කිරීමේ අයිතිය තහවුරු කිරීමෙන් පසු මෙම තත්වය ඇතිවූ බව මෙම අගයන් වාර්ෂිකව ගූගල් ආයතනය විසින් වාර්ෂිකව වාර්තා කල යුතුව පවතිනවා.
මයික්‍රසොෆ්ට් ආයතනයේ බින්ග් (BING) සෙවුම් යන්ත්‍රය මෙම නීතිය ක්‍රියාත්මක කරන අතර එය ස්ථානගත (Location Based) ක්‍රමවේදයක් යටතේ සිදුවෙයි.

පහත දැක්වෙන යොමුව (link) ඔස්සේ ගූගල් වෙතින් හා බින්ග් වෙතින්  අමතක කිරීමේ අයිතිය සම්බන්ද ඉල්ලීම් කිරීමේ ක්‍රමය වෙත පිවිසිය හැක.

Image result for bing

https://www.bing.com/webmaster/tools/eu-privacy-request
අමතක වීමේ රෝගයබහුල වශයෙන් ඇති ලංකාවේ අපට අන්තර්ජාලයේ  අමතක කිරීමේ අයිතිය නැද්ද?
මේ ගැන කතා කරන්නට පෙර අන්තර්ජාලයේ අමතක කිරීමේ අයිතිය කුමක්ද කියා විමසා බැලීම සුදුසුයි.  ඔබ පිලිබඳව ඔබගෙ ආයතනය පිලිබදව හෝ යම් ඔබට සම්බන්ධ කරුණක් සම්බන්ධව අන්තර්ජාලයේ දී හමුවන සෙවීම් පිළිතුරු බොහෝවිට ඔබට හමුවී ඇත. මෙම කරුණු අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍රය දත්ත පද්ධතියේ තැන්පත්වී තිබීම නිසා  මෙම පිළිතුරු දත්ත නැවත නැවත ලබාගත හැකියි.

උදාහරණයක් වශයෙන් මීට වසර ගණනාවකට පෙර ඔබ විසින් සිදුකෙරුණු  ප්‍රකාශයක් අන්තර්ජාලය තුල ගබඩා වී තිබිය හැක. නමුත් එම ප්‍රකාශක වර්තමානයවන විට අවශ්‍ය  නොවන හෝ අදාළ නොවන ප්‍රකාශක් විය හැක. නිසාවෙනි එම නිසාවෙන් වර්තමානයේ ඔබ පීඩා විදින විය හැක. ඔබට මීට වසර කිහිපයකට පෙර  දෙනු ලැබූ දඬුවමක් පිළිබඳ විස්තරය අන්තර්ජාලය තුල වර්තමානයේද හමුවිය හැක. එබඳු අවස්ථාවන්හි දී ඔබට මෙම දත්ත අන්තර්ජලය තුලින් ඉවත් කිරීමේ මාර්ගයක්  අවශ්‍ය බව වැටහෙනු ඇත.

එවන් අවස්ථාවකදී අන්තර්ජාලය තුළ අමතක කිරීමේ අයිතිය නොහොත් right to be forgotten නීතිය වඩා වැදගත් කාලෝචිත  වැටහෙනු ඇත.

ශ්‍රී ලංකාව තුල මෙවන් නීති පැනවීමේ අවස්ථාව  සම්බන්ධව සාකච්ඡාවට බදුන් විය යුතු බව මගේ අදහස යි.

ඒ පිළිබඳ මෙම ලිපියේ පහතින් දැක්විය හැක.

No comments:

Post a Comment